Deesha(දීෂා)❤️ 3 years ago 94 7 7

Nisadas Image

ආදරයේ දෙව් රුව෴

ගසා පොළොවේ
සළඹ පත්තිනි
පඬිපුරම ගිනිබත් කළා...
සොළී දේශයෙ
කන්නගීලත්
කෝවලන්ලට රැවටුනා...
නෘත්‍ය රැජිණිය
මාධවීලට
කෝවලන්ලත් අහුවුණා...
එ්ත් පුදුමයි
පතිනි සළුවත්
තුත්තිරී වල පැටලුණා...
මධුසමය
සත් මසක් වෙද්දී
සත් දිනක් තව දික්වුණා....
නැටුම් මණ්ඩපයක්
මතට වී
මාධවීලත් විකිණුනා...
ආලයේ
දෙව් රුවද පත්තිනි
ඇයත් ශෝකෙන් වැලපුණා...
කා⁣වේරි පටුනත්
හඬයි අද
එදා වෙණ නද
සිහිවෙලා....

Comments (7)

ශශී❤️? 3 years ago Shaa❤️❤️

✍️Nilushi Nisansala✍️ 3 years ago ????

Deesha(දීෂා)❤️ 3 years ago ? Thanks

Shenali Sewwandi 3 years ago ❤️❤️❤️

සිතුවිලි පාරමී 3 years ago ❤️

චතූ 3 years ago ලස්සනයි ??

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps