Supuni Nilukala? 3 years ago 88 5 4

Nisadas Image

ඇසෙන දකින දේවල්වලටයි කිව්වෙ ඕං

පෞද්ගලිකත්වය නොදත්
සමහරක් නළු නිළියන්,
ගායක ගායිකාවන්
රූප පෙට්ටි තුළට විත්
තමන් ගැන තතු සියල්
වාචාලව දොඩවා,
පසුව ඔවුහු කෑ ගසති
කුමකටද උඹලට
අපේ පවුලෙ දේවල්...........
සමහරක් ප්‍රේක්ෂකයන්
වචනයක් පිට වූ සැණින්
කැමති නොවැ අවුස්සන්න
ගඳ ගහන කුණු ගොඩවල්.....
උන් උන් දත යුතුය
ප්‍රශ්න නැති ගෙයක්
නොමැත කිසි කලෙකත්
අකුරු ගැළපූ මගෙත්
ගෙදර හරියට ප්‍රශ්න නොවැ.....



????

Comments (4)

ශශී❤️? 3 years ago ඒක ඇත්ත

Supuni Nilukala? 3 years ago ?

✍️Nilushi Nisansala✍️ 3 years ago ?

Kaveesha Lakmali 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps