තූර්යා ඉඳුවරී 2 years ago 27 5 6
සඳ නොමැති අමාවක
තරු බිඳිති නිදිවරයි....
ඒ මැදින් මට නුඹේ
නීල තරු නෙත් මැවෙයි...
වස්සානේ කෙළවරක
සිහිල් මද නල එතෙයි...
නුඹෙ සුවඳ පොදක් මට
තිළිණ කර හමායයි...
මගේ සිත් මල පුරා
නුඹ හෙමින් අඩි තියයි...
හද කුටිය විවර කර
සොඳුරු කවියක් ලියයි...
තනි යහනෙ ඉකිබිඳින
මේ සීත රැය දිගයි...
නුඹෙ සුවඳ ගුලි කරන්
මම මටම තුරුලු වෙයි....
?️තරූ සමනළී?️
Deesha(දීෂා)❤️ 2 years ago ?? ලස්සනයි
✍️Nilushi Nisansala✍️ 2 years ago Very nice my dear ?
තූර්යා ඉඳුවරී 2 years ago Thanks Deesha ❤️
තූර්යා ඉඳුවරී 2 years ago Thanks Nilu akki ?????
ශශී❤️? 2 years ago ලස්සනයි ❤️
චතූ 1 year ago Lassanaii