තූර්යා ඉඳුවරී 3 years ago 155 3 3

Nisadas Image

??????

ඉඩක් නොමැතිද කිසිදු දිනකදී
නුඹේ ළමැදේ හිස හොවන්නට..
මගේ හද රැදි නොනිමි සෙනෙහේ
ගලන්නේ මේ ලොවට රහසේ...
නොදෙනු ඇයි නුඹ සොඳුරියේ මට
සැබෑ කෙරුමට දුටව සිහිනය...
ආදරය පිරි මගේ නෙත් දැක
ඉවත බැලුවේ ඇයිද ඔය ලෙස...
ලේ මසින් පිරි මගේ හදවත පිරික්සන්නේ ඇයිද තව තව...
හෙටත් අද මෙන් නිදනු හැකිවෙද
දෙකොන ගුලිවී එකම යහනක..
හදේ තෙරපෙන නුරා හැඟුමන්
විසුරුවන්නද ලිහා සළුපිළි...
අවසරද මට කියන් ළඳුනේ
තව තවත් නොරිදවා මා සිත...

?️තරූ සමනළී?️

Comments (3)

Deesha(දීෂා)❤️ 3 years ago ??

✍️Nilushi Nisansala✍️ 3 years ago ??

තූර්යා ඉඳුවරී 3 years ago ???????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps