Deesha(දීෂා)❤️ 3 years ago 122 8 19

Nisadas Image

බැඳීම, ආදරය හා කිරි සිහිනය....❤

ඔහු :- මන්දාරමක සැඟවූ පෙම් පහස විඳ
මගෙ දෙව්ලියේ මල්පිණි වැටි නිම්න මත
දොවා මා නෙතඟින් වැටි මිණිකැට පොකුර
ආ ගමනක සිහිනය අද සැබෑ වෙන..

පතිනිය නුඹයි නිරතුරු මගෙ දිවිය පුරා
වදනින් පවා සුරකිමි මා නෙතෙහි හොවා
මව් වූ නුඹ හැඬුවා මා සිප සනසා
මතකයි සොඳුර නුඹ වෙයි මගෙ හැඟුම පවා..

ඉවසුම් සුසුම් මා පසු කර නොයයි නුඹ
ලය ගැහෙනා තනුවෙහි නැඟි මිහිරාව
දහසක් පැතුම් ඉටුවූ මල් සිහින මත
නා දලු සිප ගන්නට අවසරද මට..
❤❤❤❤❤❤❤
ඇය:- පතිනියයි මා නුඹෙ දිග දිවි ගමනේ
මන්දරම් කතරෙහි ගිනි නිවුනවේ
ලයෙහි ලැගුම් ගෙන සැමදා නුඹෙ පහසේ
හී පහරක් කෙටුවා මගෙ ලය මත්තෙ...

ඉවසුම් සුසුම් හෙළුවා මා නුඹ සෙවණේ
අඩුවක් නොවුනි මට කිසිදා නුඹෙ සෙනෙහේ
මල්ඵල දැරූ සිහිනෙක අද ඵල වෑහේ
කිරි සිහිනෙක කුස තුල නුඹෙ පුතු හිනැහේ...

Comments (19)

ශශී❤️? 3 years ago Sha lssanaii❤️

Deesha(දීෂා)❤️ 3 years ago ? Thanks

Methmi Nimnadi 3 years ago ලස්සනයි ගොඩක්

දිනේෂ් මල්ලී 3 years ago ?☝️

Kaveesha Lakmali 3 years ago ලස්සනයි ❤️

Niලntha ..✍️poetry Is My Life ..✍️ 3 years ago Super...

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ❤❤❤

✍️Nilushi Nisansala✍️ 3 years ago Very nice my dear ?

Deesha(දීෂා)❤️ 3 years ago ? Thanks

Supuni Nilukala? 3 years ago අනෙ ඒක .?.ලස්සනයී?

Deesha(දීෂා)❤️ 3 years ago ? thanks

නිමාලි 3 years ago Super ??

Deesha(දීෂා)❤️ 3 years ago Thanks

සනූ 3 years ago ලස්සනයි

Deesha(දීෂා)❤️ 3 years ago Thanks?

තූර්යා ඉඳුවරී 3 years ago ලස්සනයි සුද්දී ❤️❤️❤️❤️❤️

Deesha(දීෂා)❤️ 3 years ago Thanks oyata❤❤

චතූ 3 years ago ලස්සනයි ??

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps