ශශී❤️? 3 years ago 128 4 7

Nisadas Image

එකමත් එක දවසක

සුදු පාට මීදුමට මුහු වෙච්ච
මද සුලග
දග කලා උනුහුමට දැවටිලා
අප ලගම
ඈත කදු වලලු මැද තනිවෙච්ච
කෝවිලට
පියමැන්න හැටි නුබට මතකයිද
මගෙ සොදුර...
අතින් අත පටලවා ගුලිවෙලා
උනුහුමට
නෙතින් නෙත දල්වලා ලන් වෙලා
සිත් ගැබට
කදු යාය නිම්නයක තනි වෙලා
අප දෙදෙන
වින්ද ඒ මිහිරි සුව නොවේ අමතක
හදට...
සීත මිහිදුම් පොකුරු ඈත කදු
සිපගත්ත
නීල තණ පලස මත වැහි බින්දු
වැතිරිච්ච
සෙනෙහසට සිසිල දුන් මනමාල
පොද වැස්ස
පිබිදුවා මන හැගුම් මගෙ හිතේ
හැන්ගිච්ච...

ශශී

Comments (7)

Supuni Nilukala? 3 years ago හරිම ලස්සනයි??

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

ශශී❤️? 3 years ago Thank u❤️

✍️Nilushi Nisansala✍️ 3 years ago ???

Niලntha ..✍️poetry Is My Life ..✍️ 3 years ago සිත මුලා කරන නුබෙ හැඩි දැඩි වචන අද මුවා වෙලා සඳ මෙන් අහසේ වැසුන සිත කොහේ නමුදු නැවතුන රහසේ මතක අද එන්න මැනික තුරුලේ නැවතුම ගෙනෙන...

චතූ 3 years ago ලස්සනයි ශශී ???

ශශී❤️? 3 years ago Thnkz chathu ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps