තූර්යා ඉඳුවරී 3 years ago 129 7 5

Nisadas Image

?????

කතා කරන ඔය නීල නෙතු යුගේ
කැල්මෙන් ජීවන කවිය ලියන්නට
පියඹා එන්නට සිතුණත් මා හට
ගත සිරවී ඇත සයුරෙන් ඈතක...

හසරැලි පානා නාදළු දෙතොලේ
රත් පැහැ උකහා ගන්නට සිතුසේ
ගිලී මියෙන්නට ආදර සයුරේ
පෙරමං බලමින් හිඳිනෙමි සොඳුරේ...

ගත රැඳි සළුපිළි සෙමින් මෑත් කර
දෙතොලින් මත් තිසරුන් ඇහැරන්නට
හද ගැහෙනා රිද්මෙට නැළවෙන්නට
ආසයි සුදු මැණිකේ ළඟ ඉන්නට...

වෙණ මිණි තත් හෙමි හෙමින් සුසර කර
කර්ණරසායන තාල විදාහල
මින් පෙර නොගැයූ මිහිරිම ගීයක
තනුව වයන්නට අවසර දෙනු මැන....

Comments (5)

Kaveesha Lakmali 3 years ago ??

Deesha(දීෂා)❤️ 3 years ago ????

✍️Nilushi Nisansala✍️ 3 years ago ?

Supuni Nilukala? 3 years ago හරිම ලස්සනයි ?

තූර්යා ඉඳුවරී 3 years ago ස්තූතියි හැමෝටම පැටව්නේ





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps