Deesha(දීෂා)❤️ 4 years ago 58 6 9

Nisadas Image

ඉපැදුනු තැනදී මියැදුණු සෙනෙහස....?

නෙත ගැටෙන ලෝකයේ
දැක නොමැති රුව දෙකක්
නිතර සක්මන් කරයි
මා මනස කලඹමින්...
ඉපැදුනු තැනදිම මියැදුණා මෑණියනි
දියණියක් හට උරුම සෙනෙහේ
අදත් කඳුලැල් වැටී පෑරෙයි
තනිවෙනා විට සැම වෙලේ...
රටක් වෙනුවෙන් දිවි පිදූවද
මගේ ආදර පියාණන්
ඔබ කෙසේ විඳදරා ගත්තද
එවිට ඔබ ගැබ්බර මවක්...
වේදනාවක් දරාගන්නට අවැසි වූ
විට සෙනෙහසක්
නොමැති හින්දද දුන්නෙ මට දිවි
සමුඅරන් නුඹ ජීවිතෙන්...
දැකනැති නමුත් දෑසට මා ඔබ දෙදෙන
ඔබ දුන් දායාද වෙයි මගෙ රූ සපුව
රැකගමි ජීවිතය මා, වෙනුවෙන් ඔබ දෙදෙන
දුර නැහැ දෙදෙන හට ඒ සුන්දර නිවන෴

??????
✍️?

Comments (9)

සිතුවිලි පාරමී 4 years ago දුක හිතුණා... ඒත් ලස්සනයි..❤

Deesha(දීෂා)❤️ 4 years ago ?

සත්සරණි 4 years ago ?

✍️Nilushi Nisansala✍️ 4 years ago Oyage ඇත්ත කතාව ද මේ ලියන්නේ ?ගොඩක් ලස්සනයි .

Deesha(දීෂා)❤️ 4 years ago Hmm ou eka mge kathwa?

Kaveesha Lakmali 4 years ago ??

Deesha(දීෂා)❤️ 3 years ago ??

චතූ 3 years ago හරි ලස්සනයි...දුක හිතෙනවා ගොඩක්...මේ ඔයාගෙ කතාව කියලා දැනගත්තාම ඊට වඩා දුකයි දීශා?

Deesha(දීෂා)❤️ 3 years ago Thanks akki





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps