තූර්යා ඉඳුවරී 4 years ago 91 8 4

Nisadas Image

මිතුරියේ.....

ජීවිතේ සැනකෙළි නිමාවී..
මිතුදමේ කඳුළැලි ගලාවී..
ඔබ සොයාගෙන එන්න හිතුණත්,
ඔබ මගේ ළඟ නෑ දයාවී...

උදේ හිරු එයි, කුසුම් පුබුදයි..
පුබුදු වූ මල් සුවඳ පතුරයි..
සොබාදහමේ සොඳුරු සිතුවම්,
අසිරිමත් වී දෙනෙත පොපියයි.
ඒත් ඔබ නැති ලොවක තනි වූ,
විටදි මට මුළු ලොවම අඳුරුයි...

සහසක් තරුමල් පිපුණු නුබ ගැබ,
මැණික් පළසක් වගේ බබළයි..
ලොවට රහසින් සඳ නැගී විත්,
තාරකා මල් අතර ඇවිදියි..
ඒත් ඔබ නැති ලොවක මට හිමි,
මිතුරුකම දුන් සුසුම විතරයි...

??තරූ සමනළී??

Comments (4)

Pavithra Gaminda 4 years ago ආදරයක් මිතුදමක් නොවන අතර මිතුදමක් ආදරයක් වියහැක

Pavithra Gaminda 4 years ago ඇතුලාන්තය වේදනාකාරී උවද වදන ලස්සනයි

තූර්යා ඉඳුවරී 4 years ago තෑන්ක්ස් අයියා

Pavithra Gaminda 4 years ago Well come





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps