Ranatunge Jayawardene 1 month ago 44 0 0

Nisadas Image

ලතැවිලි

අළුත් ලොවක් අද ලැබිලා
මල් පිපිලා ගස් වැහිලා
සුවඳින් පිරි ලා ඇත්තේ
බඹරුනි ඇයි ලතැවෙන්නේ ..,
ඔබ ඇයි මේ ලතැවෙන්නේ
*
හැම සුවඳම එක වාගේ
මල් පැණි රස එක වාගේ
නටුවේ කටු එක වාගේ
ඔබ මොනවද තෝරන්නේ ..,
මොනවද ඔබ තෝරන්නේ
*
ඔබ පමණයි පියඹන්නේ
මල් ගොමු ඔබ පිළිගන්නේ
ඔබ මොනවද විමසන්නේ
පැණි රසටද රැවටෙන්නේ ..,
ඇයි බඹරුනි රැවටෙන්නේ
*
පරවුනු මල් බිම වැටිලා
ඒ ලස්සන පෙති බිඳිලා
දැන් සුවඳක් නැහැ එන්නේ
ඔබ ඒකද ලතැවෙන්නේ ..
ඒකද ඔබ ලතැවෙන්නේ
--------------------------------------------
රනේ/10සැප්2024/ලතැවිලි

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps