Ranatunge Jayawardene 1 week ago 34 0 0
සුකු'මලියේ මා දිනු රූපේ
අහිමිව ගිය සුන්දර හීනේ..
*
සන්තාපය මා හද පතුලේ
ගිලි'ලා සිරවී හැඬුවේ
උණු කඳුලට නැහැ දුක දැනුනේ
මා දෙකොපොල රූ රා වැටුනේ ..
*
දුක් ගංගා'වේ යට පතුලේ
ඇද වැටිලා අඩියෙම රැඳුනේ
නැහැ සිනහව රැලි සේ නැගුනේ
ඔබ නෑ මේ කිසිවක් දුටුවේ ..
*
එක කළුවර දවසක අහසේ
ඔබ තරුවක් සේ මට දැනුනේ
තරු එලියට කැලඹුන ජලයේ
නැහැ හදවත විනිවිද පෙනුනේ..
*
සුකු'මලියේ මා දිනු රූපේ
අහිමිව ගිය සුන්දර හීනේ ..
----------------------------------------------
රනේ/04සැප්2024/විනිවිද