Ranatunge Jayawardene 2 weeks ago 35 0 0

Nisadas Image

චන්ද්‍රිකා‍

ජීවිතෙන් භාගයක් ම
මට ඔයාව නොපෙනුනත්
හැම කාලෙම මං
හරි හරියට එළිය වුනේ
ඔයා හන්ද කියල
දැනගන්න ඕන ඈයො
දන්නවනෙ ඉතින්..
*
ඔයා හැමදාම
මගේ ජීවිතේ ආලෝකය වෙලා
ඔයා ගාව රැඳෙන්න ඉඩ දීල
දිගටම අරන් යන බවනම්
හොඳටම විශ්වාසයි දැන් මට .
*
මේ ජීවිතේ තමයි හොඳ ;
මං කියන්නේ අපි දෙන්නටම.
අමාවකයි පහලොස්වකයි
එකම දවස නෙවේ කියලා
අපි දෙන්නම දන්නවනෙ දැන්.
*
අපි මින් එහා ලෝකයක් ගැන
හිතන්න නරකයි ..
මේ වෙන දේ බලාගෙන
දිගටම ඉමු ඔහොම්ම
ආදරෙන් ! නේ චන්ද්‍රිකා‍ ..
----------------------------------------------
රනේ/28අගෝ2024/චන්ද්‍රිකා‍

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps