Ranatunge Jayawardene 4 weeks ago 79 1 0

Nisadas Image

අපේ ජීවිත

ඔරලෝසු කටුවලට
හන්දි රිදිලද කොහෙද
දුවන්නේ හෙමින්මයි
මං එක්ක තරහින් ද?
*
විටෙන් විට බුක් ගාන
කුක්ක හොරැහින් බැලුවෙ
ඇද වෙලාදැයි බෙල්ල
මඟ බලා ගෙන ඉඳල
*
පිලුනු වේවිද මන්ද
වේලපහ උයපු බත
රසට, කිරටයි හැදුවෙ
එයා කැමතිත් එහෙම
*
වෙනද වියරුව දුවන
කබල් ලංගම බසේ
හිටෝනව ඇති දිගට
ගෑණුන්නෙ හැඩ බලං
*
හුළඟ වැඩ වරල වද
පිච්චෙන්න රස්නෙ අද
විලම්බීතව ගසුත්
පාර බලනව නැවී
*
කුස්සියට ගිය ටිකට
කවුද ඇවිදිල්ල ගෙට
සපත්තුවෙ අඩි හඬට
ටොමිය පැන්නනෙ කරට !
*
මයෙ මහත්තය ඇවිත්..!
දවස් තුනකට විතර ..
ඒක මහ ලොකු කලක්
මේ අපේ ජීවිතය.
----------------------------------------------
රනේ/14අගෝ24/අපේ ජීවිත

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps