Ranatunge Jayawardene 1 month ago 33 0 0
එපා ඉල්ලනු ගැලවුම
අසරණව දෑස් දල්වා මා දෙස
මමත් ඇත්තෙන් අසරණයි,
මරණයට ගෙන යන උඹ ළඟ..
ඒ ඝෝර, නොමිනිස් මිනිසුන්
එකම මිනිසුන් දැයි සිතෙන..
*
රූකඩයකි මමද නුඹ වන්
මේ එකට හමුවෙන..
මෝහාන්දකාර දෘෂ්ඨියේ
කර්ම ඉන්දන කොට ගෙන
නාම, රූපය එකතුව
එකින් එක මත දුවමින් ..!,
'ආත්මීයව', මගදි හමුවන..
*
විචිකිච්ඡා නොවෙන් තව
පෙර පස නොදක්නා වූ,
දම්වැලකි කර්මෙන් ඇමිණුන
මා ද නුඹ මෙන් සසරට...
සංඛාරගත සිතැ'තිව
තන්හාව නම් බැම්මෙන් බැඳ
ඇදි ඇදී යන, මැරෙන, උපදින.
-----------------------------------------------
රනේ/07අගෝ2024/විචිකිච්ඡා