Ranatunge Jayawardene 1 month ago 31 0 0
හංදියේ අඹගහේ
එල්ලිලා යකඩ කට
දෙස් දෙවොල් තියනවා
දුප්පත්ලු අපේ ගම
හදනවලු අද හෙටම
මුතු ඇටේ වගෙ වෙන්ටැ ?
ආසියාවේ ලොකුම.
*
කිව්වහම මක්ක වෙද
අපේ මේ මහත්තය
ඉස්කෝලේ අටට ගියෙ
උත්තරේ කොපි කරල
ඉස්කෝලෙ ගුරුතුමී
මගෙ කනට කොඳුරෙව්ව.
*
මේ හොඳා තියෙන හැටි
උන්ට ගිය අපේ ගම
රෙද්ද පල්ලෙන් හැලන
පුරාජේරුව මොකට
පැටික්කියො ගෙට ගනිo
මේක හෙම ආවොතින් !
ගුරුතුමී මයි කිව්වෙ,
පැටිකිරිය දිග ඇරන්
අළුත් මංත්රී උන්ගෙ.
-----------------------------------------------
රනේ/01අගෝ2024/අපේ ගම