Ranatunge Jayawardene 2 months ago 97 0 0
ඉක්බිති දින කිහිපයකින්
රහසේ ඔබ ගොස් තිබුනා
අප හැම දැනුවත් නොකෙලේ
දුක දැඩි බව දැන ගෙන මෙන්
***
අසරණ කාටත් සරණ ව
සේවය කෙරුනා මොනවට
යහළු යෙහෙලියන් අතරේ
නුඹ අපෙ රජු මයි තවමත්
***
එන විට යන බව දනිතත්
හදිස්සියක් නැහැ තිබුනේ
දෙව් ලොව සිට නුඹ ආවෙන්
නෑ වැඩි කල් මෙහි රැඳුනේ
***
කර්මය අවසන් වී දෝ
අකමැත්තෙන් පිට වුනි දෝ
අන්තිම වචනය කිම දෝ
නැවත එන්න මැළි වේ දෝ
***
ආපිට ආවොත් ළඟදී
හමු වී මා දිවි මගෙ දී
පොරොන්දුවක් දිය යුතු වේ
නොකියා නොයනා බව ඒ.
----------------------------------------------------
රනේ/16ජුනි2024/ අකල් වියෝව