Ranatunge Jayawardene 3 months ago 107 1 2

Nisadas Image

විනාශය

ඇලොකේෂියා ගෙනත්,
යුකැලිප්ටසුත් එක්ක
කේතුධර ගැලපීම
කඳුකරේ සැරසීම.
***
කොලේ වත් පස් නොවෙන
සුදු මහත්තුරු දීපු
ගින්නෙනුත් හානි නැති
රූල් පොලු ගස් වෙච්චි
ලස්සනේ බෑ පෙනුම.
***
ඔය අපේ ගෙඩ් හැදෙන
කොස්, දෙල් ම, මහ වදේ..
වවුලන්නෙ රංඩුවයි
රිලවුන්ගෙ කරදරෙයි
හැමදාම ගිල දාල
මටත් දැන් වාතයක්.
***
නාය ඩිංගක් ගියත්
කඳු ටිකක් හේදුනත්
වතුර බොර වී ගොහින්
වැව් ටිකක් ගොඩ වුනත්
උල්පතක් නැතිවුනත්
අව් රස්නෙ වැඩිවුනත්
ගස් දෙකක් වඳ වෙලා
තව ගෝරනාඩුවක්!
මේක මහ රංඩුවක්.
***
මක්ක වෙනවද බොලං
අපි තාම මැරිල නෑ
හිටහංකො කට පියං
බලපංකො ඒ වගෙද
ගහත් හරි ලස්සනයි
නමත් හරි සුන්දරයි
උඹේ ඊළඟ එකී
"ඇලොක්ෂියා" වත්ද
වැරදිලා ගියෝතින්
"යුකැ'ලිප්ටස්" තමා
ගාම්භීර ම, තමයි
නැද්ද මං අහන්නේ.
--------------------------------------------
රනේ/10ජුනි2024/විනාශය

Comments (2)

Pabodha Weerasinghe 2 months ago ????

Ranatunge Jayawardene 2 months ago ස්තූතියි!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps