Ranatunge Jayawardene 3 months ago 82 0 0
නෑ අනේ ..
බොරු නෙමේ,
ඇත්තමයි
සත්තමයි...
දන්නෙ නෑ
ඒ වගක්,
හිතුනෙ නෑ
කොහොම ටත්...
***
කවුරු වත්
කිව්වෙ නෑ
මේ ඔයා
කියනකම්..
එදා ආවත් තමා
ළඟින් උන්නත් එදා
හොරෙන්
බැලුවත් ඉතින්
ගණන් ඉස්සුවෙ
සැකෙන්
***
මොකට මගෙ
මෝඩ කම්,
මට ම ලැජ්' ජයි
ඉතින්..
දෙවියනේ,
ඇත්තමයි,
මම මහා
මෝඩයෙක්...
***
ඒ නිසා,
වස්තුවේ ..
සැප පතා,
මතු බවේ ...
ආයිමත්
කියන වැයි..
"තාම මං
තනිකඩයි..!"
-----------------------------
රනේ/07ජුනි2024/
නොතේරීම