Ranatunge Jayawardene 3 months ago 154 1 3
දත්තයන්
ගොඩගසා
අර්ථයට
රස කවා
තොරතුරක් කොට තනා
පේලියට
ගොණු කළා
***
අංශුවට කියවලා
බොත්තමට අත තියා
විදුලියට හරවලා
ඔබ අතට යොමු කලා
***
ගතේ වෙහෙසත් වසා
සිතේ හැඟුමන් නිසා
ඔබේ රුව මතුවුනා
සිහිනෙනුත් හිනැහුනා
***
'ටුලිං' හැඬුමක් නිසා
නිදිමතේ අත දමා
නෙත් දෙසට හරවලා
දුරකථනෙ ඔන් කලා
***
ඉබේ මම නැඟිටුනා
හිරි වැටී ගොලු වුනා
කැට පතට යොමු වෙලා
මේ මටම හිනැහුනා
***
"මමත් කැමතියි" කියා
පිළිවදනෙ ලියවිලා
ලොව දිනු අයෙකු සේ
මම මඟට පිවිසුනා
--------------------------------------
රනේ/03ජුනි2024/ජය
Deesha(දීෂා)❤️ 3 months ago ෂා නියමයි ????
Ranatunge Jayawardene 3 months ago ????????
Ranatunge Jayawardene 3 months ago Thanks