Ranatunge Jayawardene 3 months ago 60 0 0
නැවුම් ලොවක්
නැවුම් ඉරක්
අහස පුරා
පිරුණු බවක්
***
සුභ පැතුමන්
ගරු බුහුමන්
රොද බැඳගත්
පිළි ගැනුමන්
***
මල් පිපිලා
පල පිරිලා
සතුටු සිනා
යයි උතුරා
***
කලට වසිත්
නිරෝගි වෙත්
අටුකොටු හැම
පිරී තිබෙත්
***
සැනකෙලි ගත්
කදිම දැයක්
සියල් සපිරි
සුපිරි රටක්
***
එන්න, එන්න
සැවොම එන්න
සිහින දැයට
පණ පොවන්න!
-----------------------------------------------
රනේ/30මැයි2024/සිහින-දැය