Ranatunge Jayawardene 3 months ago 111 0 0
දින දසුනෙ
පෙන්නුවේ
දින දෙකක්
ගත වෙලා
අපේ පොඩි
ආරවුල
දැන් ටිකක්
ලොකු වෙලා
***
වැඩට ගොස්
ආවාද?
මොනව හරි
කෑවාද?
තනිව
ඉන්නා නිසා
පාලුවෙන්
ඇති නේද?
***
සුදු පුතා
මා එක්ක
කියවද්දී
ඔබ ගැනම
හඬනවා
හිතු ඇතුලෙ
නොපෙන්නුව
ගුණ ධර්ම
***
"තාත්තට
වැඩ පුතේ
ගෙදර නෑ
මේ ටිකේ
තව චුට්ටි
දවසකින්
ඇවිත් අපි
එක්ක යයි "
***
ටිකක් දොස්
කීවාට
වේගයක්
නෑ හිතේ
දුක හිතුනෙ
මට එදා
ඔයා කී
බොරු නිසා
***
ගොඩ ගහපු
හීන කඳු
අපි මතම
නාය ගොස් ...
අපි හදපු
සිත් බැම්ම
ඉරි තලා
හෙලවිලා...
***
ලබන
ඉරිදා උදේ
එනවනේ
නොවැරදී
මම ඉන්නෙ
ඔබ නිසා
දන්නවනෙ,
'මෝඩයෝ ..'
--------------------------------------------------
රනේ/26මැයි2024/දෙවෙනි වීම