Ranatunge Jayawardene 3 months ago 112 0 1

Nisadas Image

පසුබැස්ම

පොතකට බර වූ දෑසයි
වෙහෙසට පත්වූ පෑනයි
දැන් හොඳටම දැක පුරුදුයි
මෙහි වූ දුක සැප නොහැඟෙයි
***
මඩ කඩිති මංපෙත් දිගේ
ඈ නිතර දිව යනු පෙනේ
පැටවු සමගම හැම පැයේ
කථාවෙන් ඇති බව දැනේ
***
උදෑසන හිරු එලියයි
තඹරු මැද පිණි බිඳුවයි
මටම හරියන හැටියැයි
දන්නෙ තව, මං විතරයි
***
විටෙක ඇස් කොන් වලිනුත්
විටෙක මඳහස පාමින්
මදෙස හෙලනා කැල්මන්
යමක් පවසයි රහසින්
***
සිනා මුහුනෙන් මා දෙස
බලනු ඇති දැයි රිසියෙන්
නිතර ඔබ මොබ සරනා
මටත් වෙන වැඩ නෑ දැන්
***
අහන්නට සිත කීවත්
පිළිවදන් ගැන සැකයෙන්
මුවින් නොබැනම සිටියේ
එය ද මිහිරක් වීමෙන්
***
උනන්දුව වැඩි වුව ත්
'වචනෙ' වියදම් නොකරයි
දිනෙන් දින ගත වී ගොස්
දකින්නට ඈ නෑ දැන්
***
විපරිමින් මා බැලු වේ
නිවාඩුව කට ගොස් වත්?
අහෝ අසරණ වුනි මා !
සිප් හලේ ඈ නෑ මෙන්
***
ගමේ වැල වව්ලන්ටයි
පිටින් ආ වුන් කවුරුද ?
මිදිත් ඇඹුල ම බව දැන
බිසෝටම හිත දෙමි දන්
----------------------------------------------
රනේ/22මැයි2024/පසුබැස්ම

Comments (1)

Ranatunge Jayawardene 2 months ago ඔබ මොබ - එහා මෙහා මුවින් නොබැන - කථා නොකර





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps