Ranatunge Jayawardene 3 months ago 70 0 0
හුලඟ හමනවා
අඳුර ගලනවා
හෝ හෝ ගාගෙන
වැ ස් ස වහිනවා
//
වැස්සි තෙමෙනවා
පැටිය හඬනවා
කෝ කෝ ගාගෙන
කිකිලි දුවනවා
//
ගස් ඇඹරෙනවා
කූඩු කැඩෙනවා
ටිං ටිං සද්දෙට
ලේන හඬනවා
//
මිදුල පිරෙනවා
වතුර ගලනවා
හෝ හඬ දීගෙන
ගලා හැලෙනවා
//
කුඹුරු පිරෙනවා
පාර වැහෙනවා
දෙගොඩ තලාගෙන
ගඟ උතුරනවා
//
විදුලි කොටනවා
හෙන පුපුරනවා
නිං දෙන් ඇහැරී
නං ගි හඬනවා
//
අමිම දූවනවා
මුට්ටි හොයනවා
වහලෙ හිල් වලින්
ගෙපැල තෙමෙනවා
//
අකුරු කරනවා
ඉගෙන ගන්නවා
කවදක හරි මේ
අඳුර මකනවා.
_____________________
රනේ/14අප්රේ2020/
අඳුර මකනවා