Ranatunge Jayawardene 3 months ago 152 0 0

Nisadas Image

පරතරය

මහාර්ග පෙලපත,
වතු උයන්, මණ්ඩප,
ඇතු අසුන්
දැසි දස්සන් ඈ මෙන් ම;
තුරු ලතා ගොමු
දිය පොකුණු හා
අමා රස පලවැල
සමඟින්
***
රන් රිදී, සළු පිළි
මිරිවැඩි සඟල්
සහ
තවත් සහසක් දේ ..
උපතින්ම උරුමව ඇති
මා සිත්ගත්
පුරාවුතක් බඳු
නුඹ වෙත; ...
***
කිසිවකුත්
උපතින්
හිමි නොවුනු,
සිහිනෙන් පවා
රදල සිරිතක
නොගැටුනු,
අසරණ,
කුරා කුහුඹු මිනිසා
මම වෙමි...
නුඹට සිත දන්දුන් ..
දුටු වනම
ඒක පාර්ශවිකව ..
ඒක මතිකව..
---------------------------------------------
රනේ/15මැයි2024/පරතරය

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps