Nethu@27 2 years ago 95 0 0

Nisadas Image

~විලාපය~ නුබ නැති හෙටක් වෙනුවෙනි ... !

* තනි වූ ගැහැනිය - 1( විලාපය)

කූඩුව අපේ දලු ලා ආවා පමණ යි
ගිවිසාගත් දෙවසර ගෙවුනා පමණ යි
බිළිදිය ලෝකය දුටුවා පමණ යි
කුඩුව අපේ සවිමත් කර තැනුවා
පමණයි..

* තනි වූ ගැහැනිය - 2(විලාපය)

මහ මැදිමය එදා බිලිදිය සමග ගෙවූ
අදුර තවත් මා මනසේ දවයි තතූ
දෝණිඅපේ අප්පා කොයි අහද්දී මතූ
මොනවා කියන්ද හත්වලාමේ කියා
දෙනූ...

*ඇයගේ ප්‍රාර්ථනය - 3

හැර ගිය නුබ මා මනස අවුල් කරවා
පැටියා සමග මා මේ රෑ සීතලේ තනි කරවා
වෙන හිතකට උනුසුම දී මේ රැයේ උනුසුමට ම වැතිරෙත්වා
නුබට තනි දැනුනොත් ඇය තනි මකත්වා .. !

මෙතෙක් මා මෙතරම් දුරක් කැටුව ආවට පින් සිදුවෙත්වා
නුබේ දිවියේ නව ඇරබුම කිරියෙන් පැණියෙන් උතුරත්වා
තව එකෙකුට මෙවැනි දෙයක් නොම කරත්වා
නුබ නැති හෙටක් මට නැතත් මේ පැටියට ලැබෙත්වා .. !

✍️ nethu

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps