Naween Perera 1 year ago 222 2 4

Nisadas Image

෴ හුදකලාව ෴

නොදැනීම හදවතට ලංවුන
දවස දෙක හිමිහිට දොඩමලු වුන
එලිවෙන ජාමෙටම දිග ඇදුන
හරි අමුතු කතාවක්
හිත හීනියට රිද්දන...
මුලදීම තිබුන ලෙන්ගතුකම
දවසට දෙකට හේදිලා
ගිය ඉක්මන..
දින සති හැල්මේ ගෙවුනද
තාමත් එදා ටික ටික ඇදුන
සුපුරුදුම ලෙන්ගතුකම
කැටිවෙලා හද පුරාම...
කමක් නෑ හිතේ හැටි ඒක
නොලැබෙනා වුනත් හිතට
තාම ඒ හිතුවිල්ලේම
දෙහදක් ගලපන්නට නම්
පිනක් නම් නෑ වගෙ
මගහැර ඉන්න ඔබ දෙස
උපේක්ෂා පිරි නෙතින්
ඔබේ ලෝකය විදිනු හැර
මගේ හුදකලාව මා
තනිව විදින්නම්...

~නවියා~

Comments (4)

Thisu 1 year ago හුදකලාවක නිමග්නව තනිව අද රැස හේදුන බිම් මළුව ළග උපේක්ෂාවත් දළුලගෙන ගොතන කවි තනි වෙලා මම තනි වුන සීතටත් වඩා වදන් අග ඇමිණුව වචන හීතල වෙලා සීතලම හොයන උණුහුමක් ළග... lassanai harima Lassanai e nisadasa ❤️✨✨????

Naween Perera 1 year ago ස්තුතියි thisu ❤️❤️❤️

චතූ 1 year ago ලස්සනයි ????❤️

Naween Perera 1 year ago ස්තුතියි චතූ ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps