චතූ 1 year ago 162 3 3

Nisadas Image

අප්සරාවන්ගේ කඳුළු

නුරා ඇස් දෙක පුරා ගම් බිම් තුරුණු රූමතියන් ම සෙව්වා
සදාකාලික ප්‍රේමයක් නම් ඉතින් උන් ලැබුවේ ම නැතුවා
රිදී සඳවත බහිද්දී මෙන් නැගෙද්දිත් නෙත කඳුළු නැගුවා
අරා ගගනත මහා සීගිරි පවුර ඒ සුසුමන් හැංගුවා...

ගෑනු ලෝභ ම ආදරේටයි එදා අද වෙනසක් ම නැතුවා
නෙත ගැටෙන හැම ළඳකටම ගිරි කසුප් ළඟ ආදරේ ඇතුවා
හිතේ ගැඹුරෙම තියාගෙන රැකි ප්‍රේමයක් ඔහු සතුව නැතුවා
පුරා නිල් ඇස් මහා වැහි බිඳු දරාගෙන දිගැසියන් හැඬුවා...

සෙනේ ගම්බිම් නෑ පරපුරක් දකින්නට යළි පිනක් නැතුවා
ගිරි දුර්ග වන දුර්ග ජල මහ පවුරු අතරේ හිනා හෙව්වා
බලා තුනු සිරි නුරා විඳ විඳ උරා බී යෞවනය ඉඳුරා
සලෙලු මහරජ උන්ගෙ විළි බිය ඉනික්බිති මහ ගලේ කෙටුවා...

මහා මේකුළු පවා රහසින් අප්සරාවන් නමින් තැවුනා
මහාමේරුව සේ දරාගෙන සිතුවමේ මුව සිනා නැගුවා
මලානික වසරක්ම අවසන හෙණ ගගහ මහ වැස්ස වැටුණා
අදත් වැහි බිඳු බිතු ළඳුන්ගේ තෙත කඳුළු කම්මුල් හැංගුවා...


චතූ ✍️

Comments (3)

Withanage DCS 1 year ago චිත්තරූප මවනා රස සංකල්පනා

Deesha(දීෂා)❤️ 1 year ago ගොඩක් ලස්සනයි අක්කි ????❤️

Wageesha S 1 year ago lassanai godak.good luck sister ????❤️????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps