*$@n¢hi* 2 years ago 153 3 4

Nisadas Image

අවසන් කවක්...

නින්ද නේන රාත්‍රීයේ
සිතුවිලි පමණක් අවදියේ
අද හෙටක් නැති කවේ
අයේ නුඹ මට - මා නුඹට
හීනයක් වුණාවේ...

වසන් වන සද වළාකුලකට
නුරා රහසේ පැවසූ විරහවේ
වේදනා ගංතෙරේ
අරුමයක් නැත
ජීවිත කතාවක උරුම ආදරේ
නගන දුක් ගිනි අරුමයක් නම් නොවේ...

කතා කරනට සමත් වෙතොත්
පන්හිදත් කියා දෙයි රැයක්
එළිවන තුරා ආලයේ පෙම් ප්‍රාර්ථනා...

ඉදින්,
නින්ද නැති රෑ පුරා
පොතත් පැනයත් තනිකමට උරුම වුණා වේ...

ගතින් වෙන් වුණු හදින් මා ඔබ
ගැන ලියූ කවක් මෙලෙස අවසන් වුණා වේ...❤️

~sahini~

Comments (4)

චතූ 2 years ago ලස්සනයි ❤️

*$@n¢hi* 2 years ago thank you chathu❤️❤️❤️

නදී ..✍???? 2 years ago ගොඩක් ලස්සනයි ❤️

*$@n¢hi* 2 years ago thnks nadi❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps