නදී ..✍???? 1 year ago 146 3 5
එරමිණියා කටු අත්තක පැටලිච්ච...
හීනයක් තිබුනා හිත ළඟ නිති දැවටිච්ච...
නා කපනා වැසි මැද ඉන් ගිලිහෙච්ච...
මම අසරණයි හීනෙන් ඒ මියදිච්ච...
පැතුමක් තියා දෙගුරුන් හිස මුදුනෙ මෙමා...
පය තැබුවේ වෙන්නට වෙදදුරෙකු නොවී පමා...
වීරිය යොදා යෙදුනත් පොතට නෙතග යොමා...
බාධක නැගී හිත අඩපණයි බිදුවක් වත් නොකර කමා...
උණු කදුළැලි රසයි හද තෙරපෙන දුකට වඩා...
හසරැල් කියයි යන්නට මග ඇතිය එහා...
අඩියක් පසුපසට ගත්තෙමි එබව සිතා...
පාරමි පුරමි දැන් තව හීනයක් කරා...
බැරකර ආත්මය ගිලනුන් වෙත රන්දා...
දිවියම පුදන්නට එකගව දිවුරුම් යැද්දා...
සිතුවිලි පුබුදිනා හවසක ඉඳ ඉතින් මෙමා...
දැන් දෑගිලි ගනිමි යන්නට නයිටිංගේල් දියණියක් කරා...
මම,
නදී ..✍️
Deesha(දීෂා)❤️ 1 year ago ගොඩක් ලස්සනයි මැණික❤ ඒ ලස්සන හීනේ ඉටුවෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤
චතූ 1 year ago ලස්සනයි නදී ❤️
අහිංසකාවි මධු 1 year ago godak lassanai
shashi 1 year ago ලස්සනයි නන්ගි..ඒ හීනේ ඉශ්ටවෙයි...❤️
නදී ..✍???? 1 year ago thanks deesha,chathu akka,madhu,shashi akka❤️❤️❤️❤️