චතූ 2 years ago 134 7 7

Nisadas Image

සිතුවිලි කවිකම්

හැම මොහොතකම,
මහ ගොඩක් ආදරෙයි ලු...
මම නැතිව නම්
ඉන්නෙ ම නැහැලු...

ලෝකෙටම රහසින්
අපේ වෙන්නත් බැරිලු...
දෑත් බැඳ ආදරෙන්
කැන්දන් යන්න ඕනිලු...

නොලැබෙන හීනයක
පැටලෙන්න හිත බයයිලු...
මම ආයෙමත්
ප්‍රේම කරන්නෙ නැහැලු...

වසන්තය මියැදුනාම
මල් පොකුරු මැරෙයිලු...
ආයෙමත් වස්සානයක
හැම මලක් ම පිපෙයිලු...

ලොවැ ඇත්තේ
යාම් ඊම් විතරලු...
හමුවුණු සියල්ලන්
ආයෙමත් වෙන් වේවිලු...

නුඹ වෙනුවෙන් ම
හෙලූ කදුළු පොකුරු...
වැස්සක් තරම් ම
මහ ගොඩක් බරයිලු...

හිමිවීම වාගෙම
වෙන්වීම හුරුයිලු...
ආයෙමත් අහිමි වුණත්
දැන් කදුළු පුරුදුයිලු...

දහසක් දෙනා ඇවිත්
වෙන් කරන්න හදයිලු...
වෙන කෙනෙක් ළග හිත
නතර වෙන්නෙම නැහැලු...

නුඹ හැරෙන්නට කෙනෙක්
මටත් ඕනිම නැහැලු...
නුඹෙ මතක එක්ක
මට තනිවෙන්න හැකියිලු ..

හෙටක් ගැන නොහිතාම
බලා ඉන්නම් මා මිතුරු...
ජීවිතේ කියන්නෙම
නොකී කවියක් අපූරු...

මම,
චතූ
14/05/2021

Comments (7)

නදී ..✍???? 2 years ago ?️?️

*$@n¢hi* 2 years ago ❤️❤️❤️

Deesha(දීෂා)❤️ 2 years ago අක්කි ❤️ලස්සනයි ඇ ??

Naween Perera 2 years ago ලස්සනයි චතු

*$@n¢hi* 2 years ago ❤❤❤

චතූ 2 years ago Thanks all ?

ශශී❤️? 2 years ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps