Dila ???? 1 year ago 48 4 7
හුඟක් කවියන් ලියූ කවි ගී
පපුවෙ ගැඹුරට එබි එබී
කුමක් හෝ මතකයක් හොයනවා
නොදී යන්නට මැකි මැකී
පසුව දිනයක හමුවුනා ලොව
කවක ගීයක මල් පිපී
ඉතින් මතකය ලං වුනා මට
එතන හිටියෙත් ඒ අපී
එදා වාගෙම අදත් හෙටටත්
කවියො කවි මත හැපි හැපී
ලියයි පෑරුණු රිදුනු තැන්වල
තිබුනු ලස්සන ඒ හැටී
Deesha(දීෂා)❤️ 1 year ago ? ගොඩක්ම ලස්සනයි ඒක Dila ❤
Dila ???? 1 year ago ගොඩක් ස්තූතියි දීශා අක්කා ❤️
Naween Perera 1 year ago ලස්සනයි නංගි
Dila ???? 1 year ago ස්තූතියි නවීන් අයියේ ?
නදී ..✍???? 1 year ago ගොඩක් ලස්සනයි ඩිලා ❤️
Dila ???? 1 year ago ස්තූතියි නදී ❤️
චතූ 1 year ago ගොඩක් ලස්සනයි. . සංවේදී නිසදැසක් ❤?