නදී ..✍???? 1 year ago 39 5 6
ලොල් වී මදුවිතට යහමින්
දිවිගෙවනා.....
හිරි ඔතප් බිද පාගා
පය පිස්නා......
රගන රැගුම් වේ කාටත්
විහිලු ගෙනා......
රූකඩයක්ය ඔහු ලෝකෙට
සිනහතනා.....
වපර ඇසින් දැක ලෝකෙට
මැසිවිල්ල නගා....
හම්බකරපු සතයක් නෑ
ගේ අහලක රදනා .....
නින්දක් නැතිව නඩු හබ
ඇත කරපින්නා.....
අඹු දරුවන් ලබයි ඔහු
වෙනුවෙන් නව නින්දා....
පිං කරගන්න ලැබුනත්
පිංවත් මනුසත් දිවිය....
පිං කර ගන්න පිනනෑ පව
පෙරට එන.....
අඹු දරුවන්ගෙ හදවතෙ
ඇවිලෙන ගින්න......
තරමට දවයි ඔහු දවසක
සසර බිය.....
නදී..✍️
Naween Perera 1 year ago ලස්සනයි නදී
නදී ..✍???? 1 year ago ස්තුතියි නවීන් අයියා ❤️
Dila ???? 1 year ago ?
නදී ..✍???? 1 year ago ඩිලා❤
Deesha(දීෂා)❤️ 1 year ago ? ලස්සනයි නදී... අර්ථවත්...
නදී ..✍???? 1 year ago ස්තුතියි දීෂා❤️