Dila ???? 3 years ago 100 5 8

Nisadas Image

47.

යනෙන මගතොට අතර මගකදි
ඔබේ හැඩ රුව පෙනුම සම ඇති
පිරිමි රුවකට පවා රැවටෙමි
ඔබද සිතමින් මදක් නවතෙමි

හිනාවක් නම් මුවඟ නොපෙනේ
එහෙත් ඒ ඔබේ දෑස් නොම වේ
මත් බඳුන ඇස් මැවී බොඳවේ
අමුතු දුකකින් පපුව බර වේ

ආයෙ දවසක හමුවෙන්න බැරි
හේතුවක් තිබුණද මොනවහරි
එහෙම නැතිනම් හමුවුනොත් යළි
වෙන් නොවෙන බව දැනුනාද අපි...


Comments (8)

Kavinda Sahan 3 years ago ලස්සනයි

නදී ..✍???? 3 years ago ගොඩක් ලස්සනයි ඩිලා❤

Deesha(දීෂා)❤️ 3 years ago ?අනේ...... ඒ වචන ඇතුලෙ තියෙන දුක ??

Dila ???? 3 years ago ස්තූතියි කාවින්ද ?

Dila ???? 3 years ago ගොඩක් ස්තූතියි නදී ?❤️

Dila ???? 3 years ago ස්තූතියි දීශා අක්කා ??

*$@n¢hi* 3 years ago ???

චතූ 3 years ago ගොඩක් ම ලස්සනයි?❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps