Dila ???? 3 years ago 70 7 13

Nisadas Image

44.

කලක් මගෙ වුණු ඔහුගෙ පපුතුර බදා නුඹ නිදනවා ඇතී
මගේ හිස පිරි මැදපු අතැඟිළි නුඹේ කෙහෙරැළි මැද ඇතී
මා නිවාලූ සොඳුරු සිනහව නුඹෙ නමින් පූදිනු ඇතී
ඉතින් නුඹ ළඟ ඔහු තුටින් නම් නාඬා ඉන්නම් ඒ ඇතී ...

දිවි කතර මැද පිපාසෙට දිය වී නිවාලනු මැන පෙමින්
විඩාවෙයි ඔහු අත් හරින්නට නොදී ඉඳපන් සවි දෙමින්
අඳුරු වන මැද රුදුය කටුකය ළඟම රැඳියන් නොසැලෙමින්
දිවිය පවතින තුරාවට නුඹෙ දැවී නිවියන් ඒ නමින් ...

සෙනෙහෙ දියරෙන් තෙමා හදමල පෙමින් නිති දෝවන්න
නිබඳ සිනහව දරා මුව මත සිතට සැනසුම දෙන්න
වෙළී සියොළඟ සීත හිමතර උණුහුමට ළඟ ඉන්න
මට අහිමි මගෙ සරාසඳ ඔහු පණ සදිසි රැකගන්න ...



Comments (13)

නදී ..✍???? 3 years ago ගොඩක්ම ලස්සනයි ❤️

Kavinda Sahan 3 years ago ?

*$@n¢hi* 3 years ago ?

චතූ 3 years ago හරිම ලස්සනයි, සංවේදී නිසදැසක් ❤?

Dila ???? 3 years ago ස්තූතියි නදී ??

Dila ???? 3 years ago Kavinda ?✨️ *$@n¢hi* ❣️

Dila ???? 3 years ago ගොඩක් ස්තූතියි චතු අක්කා ❤️?

ශශී❤️? 3 years ago ගොඩක්ම ලස්සනයි නන්ගි.❤️

Naween Perera 3 years ago ලස්සනයි නංගි

Dila ???? 3 years ago ස්තූතියි ශශී අක්ක, නවීන් අයියා ?❤️✨️

Deesha(දීෂා)❤️ 3 years ago ????? අනේ ඒකටනම් දුක හිතුනා ?

Dila ???? 3 years ago ගොඩක් ස්තූතියි දීශා අක්කා ?

චතූ 3 years ago





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps