Dila ???? 3 years ago 73 7 9

Nisadas Image

43.

හොවා හිස ඒ ළය මත
රිසි විටෙක හඬනු නොහැකිය
බදා වැළඳ දෝතින් තදින්
ඔහු අසල නිවෙනු බැරිය
දුක දියකරන හාදුවක්
කිසිදිනෙක
නළලත රැඳෙනු නැතිය

එබැවින්
සිතට මේ වග
බොහෝ බර වැඩිය

සංසාරගත ප්‍රේමයක්
තනි හිතකින් උසුලාගෙන
එන්නෙකුගේ හුස්ම
තව තවත් වෙහෙසවනු රිසින්

"තවමත් ආදරේ ද ඔහුට?"

යලි යලිත්
නොඅසන්නේ නම් මැනව !!

Comments (9)

නදී ..✍???? 3 years ago ලස්සනයි ❤️

චතූ 3 years ago ලස්සනයි ❤❤

Naween Perera 3 years ago ලස්සනයි නංගි

Dila ???? 3 years ago ස්තූතියි නදී ❤, චතු අක්කා ❤️

Dila ???? 3 years ago ස්තූතියි නවීන් අයියේ ?

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ??

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

Dila ???? 3 years ago ස්තූතියි දීශා අක්කා, ශශී අක්කා ❤️❤️

*$@n¢hi* 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps