චතු ගුණසේකර ? 3 years ago 136 3 3

Nisadas Image

මිලින මල් පෙත්ත

වන ගැබට කාලික සුවඳ වගුරන
කටු අතර නැලවෙන කුසුමක්
අයාලෙ පරව බිම වැටෙන මොහොතක
සංසාර වන අරණ දැවෙයි දිවිය පුරාවටම.....

රොන් පුරවගෙන හෙට දවස පතන
රන් හිරුට හොරැහින් පෙම් බදිමින්
රන් හිරුගෙන්ම වියැකී දැවෙන මොහොතක
සංසාර වන අරණ දැවෙයි දිවිය පුරාවටම.....

වස්සාන සෘතුවට දිවිය පුරාවටම අත වනන
පිණි දිය දහරකට ලෙංගතුව හදවතින්
වරෙක ඒ වස්සාන අසනි වැස්සෙම මියැදෙන
සංසාර ආකාශයම දැවෙයි දිවිය පුරාවටම....

පස මිතුරු නෑ සියන් සදහටම අතැර
කදුලු බිදුවක් නටුවෙහි තවරමින්
කාටත් හොරැහින් මිලින වන මල් පෙත්තක්
සංසාර ගමනාන්තයට අකාලික පහදයි දිවිය පුරාවටම...

මම
චතූ ☺️

Comments (3)

Hirusha Nirodh? 3 years ago ?

Dila ???? 3 years ago ?❤️

චතූ 3 years ago ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps