Dila ???? 3 years ago 124 6 10

Nisadas Image

38.

සොඳුර නුඹ හමායන සුළං රැල්ලක්
ගත සිත නිවන සිසිලස් මද පවනක්
හැරිලා බලනවද මැණික මොහොතක්
නුඹ එක්කම පාවෙන මම වළාකුලක් ...

නැවතුනත් ගස් ගල් පවන විඳ විතරක්
පොළවට බැඳුන උන්ට යන්න බෑ ගමනක්
ඈත දුර යන්න හැරදමා ආවත් හැඟුමක්
අමතකද මම තාම බැඳීම් නැති වළාකුලක් ...

නුඹට යන්නට හැර වළාකුළු නොකී රිදුමක්
සඟවාන සුළඟට මග කියන එක සිරිතක්
කිසිදින හිමිනැති නිසා මේ සුළඟේ අයිතියක්
තනිකමේ දුක නිසා කඳුළුත් ඇරඹුවා වැස්සක් ...

Comments (10)

චතූ 3 years ago ලස්සනයි ❤❤

Kavinda Sahan 3 years ago ❤️❤️

Dila ???? 3 years ago ස්තූතියි චතු අක්කේ ❤

Dila ???? 3 years ago Kavinda ?

නදී ..✍???? 3 years ago ලස්සනයි ඩිලා ❤️

Hirusha Nirodh? 3 years ago විරහව කෙසේ සාරාංශ කරන්නද ???

Dila ???? 3 years ago ස්තූතියි නදී ?

Dila ???? 3 years ago Hirusha ?

Naween Perera 3 years ago ලස්සන අදහස් නංගි

Dila ???? 3 years ago ස්තූතියි නවීන් අයියේ ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps