Dila ???? 3 years ago 94 2 2

Nisadas Image

31.

බොහෝ කවි අතර
සොයා යමි
දැනෙන වචන කිහිපයක්..
රිදි රිදි කියවන්න..

බෙහෝ හැඟීම් අතර
පැටලෙමි..
අන්තිමට සුසුම්
ලග සැනසෙමි..
වරුගනන් බලා ඉමි..
නොසන්සුන්ව කෑ ගසමි..

"ඔයා හොදින්ද "

කාලාන්තරයකට පස්සේ
නුබෙන් ලැබෙන
කෙටි පණිවුඩයකට
තුටින් ඉපිලි නටමි...
නමුත් ක්ශනිකවම නැවතෙමි..

"ඔයා සතුටින් නේද"
අසා පිලිතුරු යවමි..

Comments (2)

චතූ 3 years ago මට දැනෙන සමහර හැගීම් අකුරු කරන්න මට තේරෙන්නේ නෑ ? ඒත් ඔයාගෙ අකුරු අතරේ මගෙ හැගීම් මම දකිනවා...

Dila ???? 3 years ago ගොඩක් ස්තූතියි චතු අක්කේ ❤ දැනෙන දේ ලියවෙන්නේ ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps