Dila ???? 3 years ago 97 6 8

Nisadas Image

27.

ආදරනීය හදවත___

අනේ අහපන් දැන්වත්..
උබ එයාව හොයද්දි
හිත පිච්චෙනවා
උබ අවුලුවන ගින්දරේ හරියට..
උබ රැයක් දවාලාක් නැතුව
එයාවම ඉල්ලනකොට
කොහෙන් එයාව හොයන්නද...
උබ ඇස් වල කදුලු අරන් ඒ කදුලු කැට
අස්සෙනුත් එයාගෙම රූපේ
අදිනවා බොද වෙවී..
මං දන්නවා උබ හුස්ම ගත්තෙ එයා වෙනුවෙන්
උබ එයාව පපුවේ තියන් පරිස්සම් කලේ..
ඇබ්බැහි උනා උබ එයාට...
උබ හරි මුරන්ඩුයි හදවත
උබ දැනුත් හරි මුරන්ඩුයි...
එයා මනමාල ඇස් වලින් ඇස් වලට එබෙනකොට...
මුලු මූනම අතට අරන්
නලලතට හාදු තවරනකොට...
එයාගේ රළු පපුවේ උණුහුමට යට කරගන්නකොට..
ඔව් උබ උමතුවෙන් වගේ එයාට ලං උනා...
ඔව් උබ අන්ධයෙක් වගේ
එයාගේ පස්සෙම වැටුනා..
අනේ අහපන්... දැන්වත් බලපන්..
දැන්වත් මට ඉඩක් දීපන්
හැමදේම තේරුම් කරන්න...
එයා එන්නෙ නෑ බන්..
උබ කොච්චර කෑ ගැහුවත්
එයාට ඒක ඇහෙන්නෑ...

Comments (8)

චතූ 3 years ago ලස්සනයි Dila❤❤❤

Dila ???? 3 years ago ස්තූතියි චතු ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ලස්සනයි ඩිලා❤️

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

...චූටි... 3 years ago ලස්සනයි ❤️

Dila ???? 3 years ago ස්තූතියි දීශා අක්කා ❤

Dila ???? 3 years ago ස්තූතියි නදී, ශශී අක්කා, චූටි ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps