නදී ..✍???? 3 years ago 101 5 8

Nisadas Image

දෙව් ලොව ගිය අත්තම්මා..

දත් ටික වැටී ගත රැලි වී වෙව්ලුවට..
නුඹේ උණුහුමේ දැනුනා
පෙර ලෙස අපට..
කාමරයේ කෙදිරිලි හඩ
ඇසෙන විට..
ශක්තිය වුනා නුඹ
තවමත් සිටින වග..

කවා පොවා නහවා
හිස පීරු විට..
කිසිවක් කතා නොකරා
ඔබ සිටියාට..
අප වෙහෙසුනා ඔබහට
තව ආයුෂ ගෙන දෙන්ට..
අහෝ දුකකි ඔබ ගියෙ ඇයි
දෙව් ලොවට..

ඔබ නැති අඩුව දැන් දැන්
ගෙයි පාළුවට..
දැනෙයි මහ තනිකමක්
ගෙල සිරකරන වග..
ගෙමිදුලේ නුඹේ වතුසුදු
මල් වැටද..
තාමත් අසයි නුඹ
ආයෙත් එන්නැතිද..

දෙව් විමනේ පරසතු මල්
සුවද හමනවද..
එය විදගන්න අප තවමත්
දුරවැඩිද..
ඔබ ගොස් එහි දැන්
තුන්මසකට ළගා වෙලා..
අපි නැති අඩුව නූඹටත්
එහි දැනෙනවාද..

දං පිං දී නුඹේ ගුණ කද
සිහි කරමී..
නුඹේ වියෝවෙ දුක
මෙලෙසින් යටපත් කරමී..
පතන බෝධියෙන් මොක්සුව
ලැබගන්න..
පතමි එක් සිතින් මම
මෙලෙසින් ඔන්න..

මගේ ආදර අත්තම්මා.

නදී..✍️








Comments (8)

ශශී❤️? 3 years ago අනේ? ලස්සනයි නදී❤️

චතූ 3 years ago ලස්සනයි ❤❤❤❤❤❤

නදී ..✍???? 3 years ago Thanks shashi akka☺️❤️

නදී ..✍???? 3 years ago Thanks chathu☺️❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ❤

නදී ..✍???? 3 years ago Thanks deesha❤️

Naween Perera 3 years ago ලස්සනයි නදී ..මටත් ආච්චිව මතක් උනා

නදී ..✍???? 3 years ago Thanks naween ayya❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps