නදී ..✍???? 3 years ago 139 4 8

Nisadas Image

මතකයන් එක්කරන් ගෙවුනු
පාසල් ජීවිතය
මගේ අම්ම වගේම හදවතට දැනුන
තවත් හදවතක් තිබුන..❤️

ඒ හදවත ඇතුලේ
දයාව සෙනෙහස උතුරන තරම්
මම මගේ අම්මට තරම්ම
ගරු කරන මගේ ආදරණීය
කුසුම් ගුරුතුමිය..

මාව යටකරන්න ආව ගොඩක් බාධක වලදි මා එක්කම හිටිය
මගේ හදවතට දැනුන
හොදම ගුරුතුමිය..

ඒත් එක මූසල දවසක්
කාගෙන්දෝ මන්ද
දුරකතන ඇමතුමක් ඇවිත්
කිව්ව දෙයක්?

මම බෝඩිමේ
ඇද උඩ ඇදගෙන වැටුන..

"කුසුම් මිස් නැතිවෙලා"
අනේ...?

මගේ ආදරණීය ගුරුතුමිය..
ඇයි දෙයියනේ මෙහෙම වුනේ?
මොනතරම් නපුරු මිනිස්සු
තාමත් ඉන්නවා ඒත් ඇයි
මගේ ගුරුතුමියට මෙහම වුනේ...

මම හඩ නගා හැඩුව
ඉකිගසා හැඩුව
දෑස් පියාගෙන සිප්හලේ ගුරුතුමිය
සමග අතීතෙටම ගියා..?

ජීවිතේ කියන්නෙ
මෙහෙම තමයි දුව
පරිස්සමින් ඉන්න ඉදිරියටම යන්න.
හීනෙන් වගේ කියනව ඇහුනා
මම දෑස් දල්වා බැලුව
මගේ ආදරණීය ගුරුතුමී
මගේ ඉස්සරහ?

මම ගොළු වෙලා
කතා කරගන්න බැරිවුනා.
මම ඇසිපිය නොහෙලා
බලාගෙන හිටියා...

මගේ ආදරණීය ගුරුතුමී...

නෑ කවුරුත් ම නෑ මගේ ඉස්සරහ
මගේ ගුරුතුමිය ඉන්නෙ
මගේ ළගමයි
මගේ හිත ඇතුලෙමයි..?

නදී..✍️


Comments (8)

ශශී❤️? 3 years ago ? ගොඩක් ලස්සනයි ❤️

චතූ 3 years ago අනේ ...? ලස්සනයි ❤

නදී ..✍???? 3 years ago Thank u shashi akka❤️

නදී ..✍???? 3 years ago Thank u chathu❤️

Deesha(දීෂා)❤️ 3 years ago ?? ලස්සනයි ❤️

Naween Perera 3 years ago ලස්සනයි නදී

✍️කවිකාරි ✍️ 3 years ago ලස්සනයි නදී ??

නදී ..✍???? 3 years ago Thank u deesha,naween ayya,kawikari❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps