චතූ 3 years ago 131 6 11

Nisadas Image

මගේ කුළුඳුල් ප්‍රේමය

❤️༺═─⃝─?⃟─⃟─?⃟─⃟?─⃟─⃟?─⃝─═༻❤️

කලක් තිබුණා ඉස්සර
නෙතින් පමණක් මිමිණුව
හදින් විතරක් ළං වුණ
අතින් අත වත් නොගැටුණ...

මුවින් දොඩමළු නොම වුණ
දෑත් පටලා නොම ගිය
වදන් අමුණා නොගැයුව
කවක් විය එය සොඳුරුම...

කියා ගන්නට බැරි වුණ
දෙතොල් පෙති මත ගොළු වුණ
නැවුම් කුළුදුල් හිත මත
පෙමක් විය එය නොමියෙන...

ගමත් හැරදා නගරෙට
ඇවිත් බෝ කල් ගෙවුණට
මගේ නොවෙනා මගෙ වූ
අප්‍රකාශිත කවිකම...

දුරක් ඈතට ගිය මුත්
සිතෙහි පමණක් නැවතුන
අද පවා මට සිහිවෙන
මගේ කුළුඳුල් ප්‍රේමය...

මම,
චතූ✍️

??༺═─⃝─⃟─❤⃟─⃟─⃟─⃟─⃟❤─⃝─═༻??

Comments (11)

Naween Perera 3 years ago ඒක මරු ❤️

චතූ 3 years ago Thank u Naween ayya ❤

ශශී❤️? 3 years ago ලස්සනයි චතූ❤️

Dila ???? 3 years ago ❤️❤️

චතූ 3 years ago Thank u ශශී අක්කා ?

චතූ 3 years ago Dila ❤

නදී ..✍???? 3 years ago ♥️♥️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි අක්කි❤

Danushka Srimal 3 years ago ලස්සනයි

චතූ 3 years ago Thank u deesha ❤

චතූ 3 years ago Thank u danushka ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps