චතූ 3 years ago 118 4 6

Nisadas Image

නුඹට,

නව වසරට තව බොහෝ කාලයක් ඉතිරිව නැත. ගෙවුණු අවුරුදු දා මතක තවමත් මා අසල රැඳී ඇත.

මෙදා නව වසරේදීත් එක් වරක් නුඹට ඇවිත් යන්න හැකි නම්...
නුඹ නේන බක් මහට කොවුලන් හඩාවිද...?
නුඹ නේන බක් මහට මල් පිපේවිද...?

✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖ۬


වසත් ගී ඇසෙන කල
මුතු පින්න මැකෙන කල
සිතත් පාවී යාවි
අතීතේ බොහෝ දුර...

නෙතක් නිදි නොම ගන්න
අහස් ගව්වට එපිට
සිතුම් සිතුවිලි රැසක්
සිත පුරා ලතැවේ ය...

දුරක් ඈතට ගිහින්
අතීතේ දවසකදි
අලුත් වසරක අසිරි
වින්ද යුරු සිහිවේ ය...

මෙදා නව වසරෙදිත්
එදා වාගෙම යළිත්
ඇවිත් යන්නට නුඹට
හිතක් නැති වී යයිද...

මම,
චතූ

Comments (6)

ශශී❤️? 3 years ago ගොඩක්ම ලස්සනයි ❤️

නදී ..✍???? 3 years ago ?❤️

✍️කවිකාරි ✍️ 3 years ago ??

චතූ 3 years ago Thnqq ශශී අක්කා, නදී , කවිකාරි

Deesha(දීෂා)❤️ 3 years ago ?? ලස්සනයි නිසදැස ❤

චතූ 3 years ago ❤ thnqq





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps