චතූ 3 years ago 111 4 5

Nisadas Image

නොරිකෝට තරම් ඉවසන්න බැරි වේවි මට...

නුඹ ගියේ නොගොස් එන්නට
බැරි නිසාද
දෙවෙන්දොරා වාගෙම ආයෙමත්
එන්න හිතෙනවද
ලොවේ ඇත්තේ යාම් ඊම් පමණක් බව නුඹත් හිතනවද
නුඹටත් මට වගේම ආයෙමත් මුණ ගැහෙන්න හිතෙනවද...?

දෙවෙන්දොරා වාගෙම හයිය නැත්නම් හිත
එන්න එපා මටත් හිමි නැති මහිතට නැවත
ඇවිත් ආයෙමත් හදවත ගිනිතබා ගිය කලට
නොරිකෝට තරම් ඉවසන්න බැරි වේවි මට...

ගිනි ගත්ත හිත් මලට කදුළු වතුර
හැලෙනකොට
නොරිකෝ වගේ දරාගෙන ඉන්න දන්නේ නැහැ මම
මලවුන්ගේ අවුරුදු දා එන තෙක් බලා නොසිට
මමත් එ්වි එදාට නුඹ ගියපු එපිට ලොවට...

මම,
චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ?අනේ අප්පා ? ලස්සනයි හැබැයි ❤

චතූ 3 years ago ?❤thnqq

ශශී❤️? 3 years ago අනේ.? ලස්සනයි චතූ❤️

Naween Perera 3 years ago ????

චතූ 3 years ago Thnqq Shashi akka,naween ayya??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps