චතූ 3 years ago 98 4 9

Nisadas Image

සබඳ

නුහුරු නුපුරුදු හුදෙකලා බව
අතර ඉද හිට නුඹ මැවෙයි...
හදට බැමි බැඳ තබා ගත්තෙමි
අහිමි නෙතු දැන් මගෙ නොවෙයි...
පුරුදු මග තොට නෙත ගැටුණ මුත්
තවත් මම නුඹ නොහදුනයි...
නැවතීම තැබු ඒ බැදීමට
පසු වදන් දැන් කැප නොවෙයි...

සිය දහස් වර නුඹව අමතා
කියන්නට දෑ අපමණයි...
නුඹ නොකියැවූ මේ නිහඩ බව
තුළ තිබෙන දෑ හරි බරයි...
නොකී දහසක් හැගුම් නොදුටුව
සබඳ නුඹ මා නොහදුනයි...
මුණිවතින් දින ගෙවා ලන්නම්
කිමද දෙබසත් දුක්බරයි...

මම,
චතූ

Comments (9)

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ? ලස්සනයි ❤

❤️mila❤️ 3 years ago ලස්සනයි නෙතූ ?❤️

❤️mila❤️ 3 years ago සොරී වැරදීමක් උනේ චතූ ? ගොඩාක් ලස්සනයි චතූ ?❤️

චතූ 3 years ago Deesha ❤ sorry sudu

චතූ 3 years ago Mila ❤❤

ශශී❤️? 3 years ago ලස්සනයි චතූ❤️

Nethu 3 years ago Lassnaiii chathu akke?

✍️කවිකාරි ✍️ 3 years ago Lassni chathu akki ??

චතූ 3 years ago Thnqq nethu, කවිකාරි, ශශී අක්කා ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps