චතූ 3 years ago 102 3 4

Nisadas Image

සිතුවම් දෙකක්

මල් ලිය මඩුළු අතරින් පතර
පෙනෙනා සොඳුරු රතු අහසේම
ආසයි තුමුල සිතුවම් දෙකක්
පින්තාරුවට හැන්දෑවේම...

එක සිතුවමක ලියකම් පිරුණු
සුන්දර මගුල් පෝරුව ගාව
සිතුවම් කරමි නුඹ සහ දිගැස
අතිනත ගන්න මංගල දවස...

ඈතින් එපිට කදුවැටි ගාව
ඇන්දෙමි අනිත් සිතුවම මෙලෙස
හිසකෙස් ශ්වේත තනිකඩ කතක්
උන්නා බලා දෙස රතු අහස...

මම,
චතූ

Comments (4)

✍️කවිකාරි ✍️ 3 years ago මලානික රතු අහස දෙස බලා සුසුම් හෙලන... ශ්වේත කෙස් හිමි කත කියයි ජීවිතේ අනිචාවත... ලස්සනයි චතූ ??

Nethu 3 years ago ?♥️

ශශී❤️? 3 years ago ලස්සනයි චතූ❤️

චතූ 3 years ago Thank you කවිකාරි, නෙතූ, ශශී අක්කා ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps