චතූ 3 years ago 122 4 2

Nisadas Image

පතන්නම් නව වසරට...

අවසන් වරට නුඹට
තියන්නට හිතයි පණිවුඩයක්...
නමුත් අවතැන් හැගීමක
මළගමත් දැන් අවසන්...

එහෙයින්ම හිත පෙලන
සිතුම් සිතුවිලි රටාවක්
කොලයකට පවසන්නම්
නුඹට රහසින් වතාවක්...

සමාවක් දෙන්න හෝ
ගන්න නැහැ හිත අද වුණත්
ආයෙමත් ඒ කවිය
ලියන්නට දැන් නැහැ හිතක්...

එකම පැතුම හෙට ගැනයි
පතන්නම් එය මෙතැන වත්
යළිත් හමු නොවේවා
කදුළු ගෙනෙනා ප්‍රේමයක්...

මම,
චතූ

Comments (2)

Dila ???? 3 years ago යළිත් හමුනොවේව කදුළු ගෙනෙනා ප්‍රේමයක්... !!! ❤️

චතූ 3 years ago ❤❤❤හ්ම්





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps