තූර්යා ඉඳුවරී 5 years ago 117 6 2

Nisadas Image

අහිමි වීම..

ළෙංගතුකම හද තුළ පුරවාගෙන
ඔබත් දිනෙක ආදරයෙන් හමුවී
පෙමින් බැඳෙන්නට ඇති සුහදේ...

සහසක් තුරුයට අතිනත පටලා
ගව්වක් දුර ඇවිදින්න ඇතී...
අහසක් තරමට පෙම්කවි ලියලා
දවසක රහසින් දෙන්න ඇතී...

නිල් දිය කලතා නෙළුමක් නෙළලා
මගෙ හිස ඔබ සරසන්න ඇතී..
සුවඳක් හදතුළ මිහිදන් කරලා
ඔබ මට අහිමිව යන්න ඇතී..

?තරූ සමනළී?

Comments (2)

sampath sampath 5 years ago Nice

තූර්යා ඉඳුවරී 5 years ago Good morning and have a wonderful saturday aiya. Thanks a lot.





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps