Deesha(දීෂා)❤️ 3 years ago 146 3 4

Nisadas Image

හිමි නොවූවත් අහිමි නොවනා... ආදරේ නම් නුඹ තමයි මා...?

යන්න මතකෙන් අඟුළු හැරදා
නුඹෙන් මිදිලා හදින් දුර මා...
පළුදු වූ තැන් යළිඳු හදලා
ගන්න බෑ දැන් රිදුම් හැරවා...
කඳුළු ගංඟා ඔහේ ගලලා
දුරට යාවී නෙතින් රූරා....
නමුදු සෙනෙහේ මතක රන්දා
නුඹ හිඳීවී... ළයේ රැඳිලා....

කිසිඳු දිනයේ මැකී නොයනා
නු⁣⁣ඹේ සෙවනැලි ළඟම රැඳෙනා...
මගේ නොවනා මගේ කියනා
මගේ වූ නු⁣ඹෙ සෙනෙහෙ පතනා...
හිමි නොවූවත් අහිමි නොවනා
පැතුම් ගොන්නක් සිතේ රඳවා...
නුඹේ මුලකුරු ළඟම සොයනා
ආදරේ නම්... නුඹ තමයි මා...

හුස්ම වැටෙනා පපුව ගැහෙනා
රිද්මෙ ඇසුනා ලොවට හඬගා...
ගතේ දැවෙනා රිදුම් ඉවසා
සිතින් මා නම් නුඹව සෙව්වා...
යන්න හැදුවත් මතක හැරදා
යන්න බෑ දැන් නුඹව දමලා...
නිවුණු මතකේ යළිඳු අවුලා
ගින්දරේ මා මසිත දැව්වා....

Comments (4)

චතූ 3 years ago ලස්සනයි දීශා...❤❤❤

Deesha(දීෂා)❤️ 3 years ago Thanks akki

ශශී❤️? 3 years ago ගොඩාක් ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 3 years ago Thanks akki





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps