ශශී❤️? 3 years ago 110 6 10

Nisadas Image

පතන්නම් මතු බවේ වෙන්න නුබ මගෙ කියා

නෙතු පියන් සැලෙන විට හද ගැහෙන හඩ අසා
අතීතයේ ගව් ගනන් දුරක හද තනි වුනා
මියදෙනා මතක පොදි කදුලකට සිර වෙලා
සත්තමයි නුබට මන් නොදැනිම පෙම් කලා...

ආදරේ අරුත්බර කවිය මට මුමුනලා
සිත මගෙන් ඈතකට රැගෙන නුබ දුර ගියා
දැනෙන විට විරහ දුක නෙතු පියන් කෑ ගසා
සොයන්නේ නුබෙ රුවයි පනම මගෙ නුබ නිසා...

ලග ඉන්න පින් නැතත් දුරින් නුබ දෙස බලා
සැනසෙන්න අවසරද රිදුම් නොම දෙමි සදා
දකින්නට ආයෙමත් මම එන්නේ නෑ සොයා
පතන්නම් මතු බවේ වෙන්න නුබ මගෙ කියා...

ශශී

Comments (10)

චතූ 3 years ago ලස්සනයි ?❤❤❤

ශශී❤️? 3 years ago Thank u ?❤️

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි ♥️

ශශී❤️? 3 years ago Thank u nangi ❤️

Dila ???? 3 years ago ලස්සනයි ❣️

ශශී❤️? 3 years ago Thank u dila ?

Deesha(දීෂා)❤️ 3 years ago ම්ම්ම් ලස්සනයි අක්කි

ශශී❤️? 3 years ago Thank u nangiyoo?❤️

Tharindu Rukshan 3 years ago නොඑන දුරකට වෙලා.... ඔහු නැතත් නුබ දෙස බලා.... ආදරේ සිත තුල නිසා.... තවම නුබ ඇත මග බලා....??? ඔයාගෙ නිසදැස ලස්සනයි.

ශශී❤️? 3 years ago ලස්සනයි තරිදු? Thank uu..?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps